May 7, 2010

විශ්වයම ඔබයි අම්මේ...



මැයි 09 ලෝක මව්වරුන්ගේ දිනය

අම්මා. මමී, මදර්, මා ජී, මොන භාෂාවකින් කිවුවත් මේ ලෝකෙ තියෙන ලස්සනම වචනය අම්මා. දරුවකු‍ට තමන්ගේ අම්මා ගැන හිතෙන දැනෙන දේ කියන්න ඒ මොන භාෂාවකින්වත් පුළුවන්කමක් නෑ.අම්මා වෙනුවෙන් එක් දිනයක් නම් කෙරුවත් ගෙවෙන හැම තත්පරයම, විනාඩියම,පැයම, දවස් තුන්සිය හැටපහම අම්මේ ඔබේමයි. ඉතිං මේ මව්ව‍රුන්ගේ දිනයේදී මගේ අම්මා වගේම ලොව සියළු මව්වරුන්ට මේ පුංචි තිළිණය උපහාරයක් වේවා..

දුක් විඳින්නී
දුක් දරන්නී
මහමෙරකටත් වඩා...
හද සැලෙන්නී
කඳුලැලි සලන්නී
මහ සයුරටත් වඩා...
දැඩි සිතැත්ති
උණුවන ලයැත්තී
වෙඩරු පිඩකටත් වඩා...
දැඩි වන්නී
රළු වන්නි
මහ මේඝයට වඩා...
සනසවන්නී
සෞම්‍ය වන්නී
සඳ එළියටත් වඩා...
ජීවය දෙවන්නී
ජීවිත තනන්නී
මිහිතලයටත් වඩා...
සෙසෙනහස පතන්නී
සෙනෙහස බෙදන්නී
මේ මුළු ලොවට වඩා...
වෙන කිසිවකුත් නැතී
මට මුළු විශ්වයේ
අම්මේ ඔබට වඩා...

(නි) සසල....

  සසල සිත නිසල කළ අකීකරු පින්සලක්   කාලෙකින් නොදුරු රුව මතු කරපු අපූරුව නිසල සිත කර සසල....