පිච්ච මලට දැනුන තරම් සඳේ සිසිලස
තුරු වදුලට දැනුන තරම් මදනල පහස
තණ පලසට දැනුන තරම් පිණී දිය සුරස
නුඹට දැනුනෙ නැත්ද කියන් මගේ සෙනෙහස
සඳ සිසිලස පතා උන්නු පිච්ච මල වගේ
මදනල සුව පතා උන්නු තුරු වදුල වගේ
පිණිදිය බර දරා උන්නු තණ පලස වගේ
ඉන්න හැකිද කියන් නගේ ළඟට වී මගේ
පිච්ච මලට දැනුන තරම්......
පිච්ච මලට පරදින්නැති සුවඳ
තියන්නම්
මදනල පරදනා ලෙසට සුවය දෙවන්නම්
සඳ දිය පරදන සිසිලස ගෙපැල රඳන්නම්
සදාතනික සෙනෙහෙන් සැමදා ළඟ ඉන්නම්
පිච්ච මලට දැනුන තරම් .....//

No comments:
Post a Comment