Dec 5, 2015

හුදකලාව



තනිකමයි සබඳ 
තනි රැක්කේ
මගෙ තනිකමට...
නිහැඬියාවමයි 
ගී ගැයුවේ
මේ තනි හිතට...
සිතේ සුසුම් 
පා කෙරුවේ
පාලු රැයකට...
දුක කියන්නේ 
කොහොමද මම
හුදකලාවට...

Dec 4, 2015

සොඳුරු පියබඳ මගේ




‍සොඳුර නුඹ නුග රුකකි
විදා අතු සෙවන දුන්
නිවා දුක් සිසිල දුන්
සදා රැකවරණ දුන්
ඉඳින් වෙන් කරනු බෑ
මහා මේඝයකටත්
නුඹ මගෙන් කිසිදාක....
දසත අක්මුල් විදා
වැඩෙන් නුඹ මා තුළම
තදින් සිප වැළඳ ගෙන
සත්තයි කවදාවත්
ගිලිහෙන්න නොදෙමි මා
සොඳුරු පියබඳ මගේ....

ඇගේ පැලට හැමදාමත් සඳ පායාපන්...



අහස දනී නම් ගුගුරා අකුණු ගසාවී
පොලව දනි නම් සසලව දෙදරා  යාවී
මුහුද දනී නම් උරණව ගොඩට ගලාවී
මා තනිකර නුඹ හෙට වෙන දීගෙක  යාවී

පාලු රැයේ මගෙ දුක සුසුමකට  නගන්නම්
වෙලට උඩින් ඉගිලෙන විහඟුන්ට ගයන්නම්
ඇලේ දොලේ දඟලන මාලුන්ට කියන්නම්
හැන්දෑවට වස්දඬු රාවයට  නගන්නම්

වලා‍කුලේ හෙට දින මල් වැහි  වස්සාපන්
තුරු වදුලේ හැම අතු අග මල්  පුබුදාපන්
කුරුල්ලනේ ජය මංගල ගීත  ගයාපන්
ඇගේ පැලට හැමදාමත් සඳ  පායාපන්

(නි) සසල....

  සසල සිත නිසල කළ අකීකරු පින්සලක්   කාලෙකින් නොදුරු රුව මතු කරපු අපූරුව නිසල සිත කර සසල....