නිසංසල සිතිවිලි
Nov 11, 2017
(නි) සසල....
සසල
සිත
නිසල
කළ
අකීකරු පින්සලක්
කාලෙකින් නොදුරු රුව
මතු කරපු අපූරුව
නිසල සිත කර සසල....
අටවක සඳකි නුඹ....
හේන් එළවළු සුවඳ මිසක්
ගැහැණු සුවඳක්
නුහුරු සිත ළඟ
පොළට පායපු සෙනසුරාදා
පුංචි අටවක
සඳකි නුඹ ළඳ
රේඩියෝ චැනලයක් පරදයි
ඉස්පාසුවක්
කොහිද කටකට
දෑත මැෂිමක් වගේ රඟදෙයි
කිරා බලමින්
ජීවිතේ බර
තරාදිය සමබර කරන්නට
ජීවිතේ ඇති
තුරා හැකිවෙද
කලාතුරකින් මදෙස හෙලනා
නුහුරු බැල්මේ
කුමන අරුතද
ඉරිතලා ගිය හිත් අගිස්සට
වැටුනු අනෝරා
වැස්ස විය නුඔ...
Jun 13, 2016
සඳේ කෝමළ.....
සඳ පැන්න පාරට
උනා සළු පිළි
මැණික් ගං දිය
කැළඹුනා
ගඟුල දෝතින්
වැළඳගෙන සඳ
සුළි වටක් ගෙන
කැරකුනා
බලනු බැරි සඳ
සඳේ කෝමළ
තරු නෙතක්
විළිබර වුනා
සුපෙම් හැඟුමට
මදක් ඉඩ හැර
වලා ඈතට පාවුනා....
Dec 5, 2015
හුදකලාව
තනිකමයි සබඳ
තනි රැක්කේ
මගෙ තනිකමට...
නිහැඬියාවමයි
ගී ගැයුවේ
මේ තනි හිතට...
සිතේ සුසුම්
පා කෙරුවේ
පාලු රැයකට...
දුක කියන්නේ
කොහොමද මම
හුදකලාවට...
Dec 4, 2015
සොඳුරු පියබඳ මගේ
සොඳුර නුඹ නුග රුකකි
විදා අතු සෙවන දුන්
නිවා දුක් සිසිල දුන්
සදා රැකවරණ දුන්
ඉඳින් වෙන් කරනු බෑ
මහා මේඝයකටත්
නුඹ මගෙන් කිසිදාක....
දසත අක්මුල් විදා
වැඩෙන් නුඹ මා තුළම
තදින් සිප වැළඳ ගෙන
සත්තයි කවදාවත්
ගිලිහෙන්න නොදෙමි මා
සොඳුරු පියබඳ මගේ....
Older Posts
Home
Subscribe to:
Posts (Atom)
(නි) සසල....
සසල සිත නිසල කළ අකීකරු පින්සලක් කාලෙකින් නොදුරු රුව මතු කරපු අපූරුව නිසල සිත කර සසල....
පිච්ච මලට දැනුන තරම්
පිච්ච මලට දැනුන තරම් සඳේ සිසිලස තුරු වදුලට දැනුන තරම් මදනල පහස තණ පලසට දැනුන තරම් පිණී...
පොත පත ඇසුරින්
හතර හිනාව හතර හිනාව බිම් කඩකට වැටක නියරක මායිමකට හිමිකම් කියමින් මිනිසුන් රණ්ඩු සරුවල් කර ගනිද්දී ඒ දෙස බලමින් ‘නුඔලා ඔය ගහ බැන ගන්නේ තොපේ ද...