Dec 14, 2012

ලෙන්ගතු නුඹෙ සෙනේහයට...

සතු‍ටින්දැයි අහන්නෙපා
අතැර ගොසින් දුක රන්දා...
හොඳින් ඉන්න කි‍යන්නෙපා
නුඹ මා ළඟ නැති හන්දා...

සිතුවේ නුඹ ගැන පමණයි
හැමදාමත් කිව් හන්දා
මගේ හිත නුඹ වෙතම නතුව
සිනා සුනා නුඹ හන්දා...

ඒ සිනාව නුඹ අරගෙන
දුර ඈතක ගිය හන්දා
සිත සිර කර සිටියෙමි මම
මහමෙරකට දුක රන්දා..

නුඹ ආ දිනමගේ ලොවට
සැහැල්ලුවෙන් සිටි හන්දා
මෙතරම් දුක් උහුලන්නට
වන බව නොසිතුන හන්දා

නුඹ මට හිමි නොවනා බව
සිතුනේවත් නැති හින්දා
ලෙංගතු නුඹෙ සෙනේහයට
සත්තයි මා පෙම් බැන්දා..

සඳ කුමරිය ඉකි බින්දා...


පිනි වැටෙනා සර ඇසෙනා 
මේ නිසල රාත්‍රියේ... 
බිඳි හද සුවපත් කරනට 
නෙතු සොයනා මායිමේ 
තරුවක්වත් ඇගෙ තනියට 
උන්නේ නැතිව කාන්සියේ 
සඳ කුමරිය ඉකි බිඳිනා 
හඬ ඇසුනා මැදියමේ....

(නි) සසල....

  සසල සිත නිසල කළ අකීකරු පින්සලක්   කාලෙකින් නොදුරු රුව මතු කරපු අපූරුව නිසල සිත කර සසල....