Sep 30, 2009

ශිව ශංකර්..

දිනපතා බසයට
ගොඩවෙනා පොඩි එකෙක්
එකොලොස් වියැති පෙනුමකි
නමින් ශිව ශංකර්
කළුම කලු මුදු කෙහෙරැලි
සිහිගන්වයි "මුරු"
පාසල් ‍පෙල පොතේ.......
පාසල් යන වෙලාවේ
කොහේ යනවද මන්දා
බොහෝ දිනවල දකින
ඒ කටකාර කොලු....
උසුලු විසුලු කරමින් වැඩිහිටියන්ට....
අනක් ගුණක් නොදත්තෙකි
ඇසෙයි බොහෝ දෙන මුවින්...
දිනක ගොඩවුනා බසයට
වයසක ගැහැණියක්
කොලුවාද සමගින්
දෙස් තබමින් මහ හයියෙන්.......
කොලුවාද නිසොල්මනේ සිටියා
ඈ අසලින්ම.......
අසළ උන් කතක්
අමතා මහලු කත
ඉතිං කොහොමද? නැන්දේ
මූ දැන් ඉලංදාරියෙක්නේ
නැන්දට මේ පිනම ඇති
වෙන මොකුත් නැතුවාට......
කහට බැදි දත් දෙපල විරිත්තා
අනුමත කළා සේ හිනැහුනා 
මහලු ගැහැණිය.....
ඒක නේන්නම් කෙල්ලේ
මුගේ අම්මා අප්පා
කවුද කියලාවත් දන්නෑ නෙව
මූව මං ගෙනියද්දි
බස්ටෑන්ඩ් එක ගාව
අඬ අඬා හිටියේ මූ....
දැන් ඉතිං මොන සැපද?
කන්නද බොන්නද?
මං නිසා හොඳයි මූට...
මහලු ගැහැණිය කියවයි
බසය පුරා නෙත් හෙලයි
කොලුවා ඇඹරෙමින්
සිනාසෙයි
හඬන්නට අවැසි තැන......
ඉතිං ශිව ශංකර්
නුඹේ ලෝකය හෙට???

May 29, 2009

පොත පත ඇසුරින්



හතර හිනාව


හතර හිනාව බිම් කඩකට වැටක නියරක මායිමකට හිමිකම් කියමින් මිනිසුන්

රණ්ඩු සරුවල් කර ගනිද්දී ඒ දෙස බලමින් ‘නුඔලා ඔය ගහ බැන ගන්නේ

තොපේ දෙයකට නොව මාගේ දෙයටයි’ සිතමින් පොළෝ මහී කාන්තාව

සිනාසෙන්නීයනොකා නොබී මසුරු කමින් මුදල් පොදි බඳිද්දී එම මසුරු

මිනිසා දෙස බලා ‘ නුඹ ඔය ලෝබකම් කරන්නේ නුඔගේ දෙයකට නොව

මාගේ දෙයකටයි සිතමින් ධනයට අධිපති දෙවියන් සිනාසෙන්නීයදනට

පිනකට හෝ කිසිවක් කිසිවෙකුටත් නොදී පවි පින් නොසලකා ආත්මාර්තකාමීව

හැසිරෙමින් කාබී විනෝද වන පුද්ගලයා දෙස බලා ‘කොතරම් සුඛෝපබෝගීව

ජීවත් වුව්ත් මා කැඳවන දිනක නුඔට එන්නට සිදු වෙනවා ‘ යයි සිතමින් මරුවා

සිනාසෙන්නීය.සිය සැමියා විසින් සොර සැමියකු නිසා උපත ලද තම දරුවා වඩාගෙන

නලවමින් ‘මගේ පුතා මගේ පුතා’ කියන කළ නුඔ කෙසේ සිතුවත් පුතා කාගෙදැයි

දන්නේ මා පමනකැයි සිතමින් අනාචාර චපල ස්ත්‍රිය තනිවම සිනාසෙන්නීයමෙය

අනාදිමත් කාලයක සිට ලොව හිනැස්සූ හතර හිනාවයි.

5/19/09
by senani
Delete
1 – 6 of 6

******************************************************


මනමේ කථාව ඇසුරින්.......


මනමේ කුමරිය

බඩ සා දුකට ගෙන යන මස් කැටිය ලොලා
බිම තබමින් ගඟ යන මසුට ලොබ වෙලා
උඩයන උකුසු ඩැහැගෙන ගියේ පසු නොබලා
දැන දැන ‍මෝඩකම් කෙරුවද තෝ හිවලා

සිවලා

මනමේ රජුට අග මෙහෙසුන් බිසෝ වෙලා
කැල‍යේ සිටින වැදි රජෙකුට පෙම් බැඳිලා
පැලඳි ආභරන ගඟකින් එතෙර කළා
මටත් වඩා අනුවන කම් බිසෝ කළා


උපුටා ගැනීම
පැරණිපොත පතින්

--------Senani-------

May 28, 2009

සඳ යාත්‍රා කළා.....

සඳ යාත්‍රා කළා වගේ මතකයි
ඔබ නේත්‍රාවලින් මට පවසයි
හැම මාත්‍රාවටම සිත සැනසෙයි
අපේ ආශ්‍රයේ සත්වෙනි වසරයි

තව බොහෝ නලක් මේ දුර
හිත් අහස් කුසේ තරුවක් වෙන්න
ඔබ මා ළඟ පින් ඇතිය සිතන්න
අපෙ සෙනෙහස පර මලක් නොවන්න

යුගයෙන් යුගයට ඔබට සිත බැඳී
සපුරන්නට හැකි පැතුම් මල් මිටී
භවයෙන් භවයට ආමග සඳ වී
ඔබ ඉන්නැති මගේ ලොවට එළිය වී

ගායනය - චන්දන ලියනාරච්චි මහතා

(නි) සසල....

  සසල සිත නිසල කළ අකීකරු පින්සලක්   කාලෙකින් නොදුරු රුව මතු කරපු අපූරුව නිසල සිත කර සසල....