Nov 28, 2015

පිංගුත්තරෙකුට කුමටද උදුම්බරාවියක්...





ඈත අහසේ රුවට රුවේ නුඹ දිදුලන සඳ
හැමට වඩා විශේෂයක් නුඹෙන් දුටුව සඳ
පුර හඳ මට අත වනත්දි නුඹෙට බැඳුනි හද
පහන් තරුව හිරුට වඩා නුඹ එළියයි මට

නුඹේ හදට දැනුනෙ නැත්ද මගේ සෙනෙහෙ බිඳක්
සිත වෙනතක ගිහිං වත්ද කියන් නොවී සැකක්
කුණ්ඩල කේෂියක් නොවෙමි කොතෙක් ආලෙ ඇතත්
පිංගුත්තරෙකුට කුමටද උදුම්බරාවියක්

නුඹට හිතැති ආලවන්ත හිතක් ලැබෙන්නයි
ඒ හිත ළඟ නුඹේ සිහින ලොව ඉදිවෙන්නයි
පැල්පත වුව නුඹ ඉන්නා ඉසුරු පිරෙන්නයි
ඉර හඳ තරු නුඹේ ලොවම එළිය කරන්නයි

පිච්ච මලට දැනුන තරම්






පිච්ච මලට දැනුන තරම් ස‍ඳේ                  සිසිලස
තුරු වදුලට දැනුන තරම් මදනල                 පහස
තණ පලසට දැනුන තරම් පිණී දිය              සුරස
නුඹට දැනුනෙ නැත්ද කියන් මගේ      සෙනෙහස

සඳ සිසිලස පතා උන්නු පිච්ච මල                වගේ
මදනල සුව පතා උන්නු තුරු වදුල               ව‍ගේ
පිණිදිය බර දරා උන්නු තණ පලස             වගේ ‍
ඉන්න හැකිද කියන් නගේ ළඟට වී             ම‍ගේ

පිච්ච මලට දැනුන තරම්......

පිච්ච මලට පරදින්නැති සුවඳ              තියන්නම්
මදනල පරදනා ලෙසට සුවය              දෙවන්නම්
සඳ දිය පරදන සිසිලස ගෙපැල             රඳන්නම්
සදාතනික සෙනෙහෙන් සැමදා ළඟ         ඉන්නම්

පිච්ච මලට දැනුන තරම් .....//

නුඹේ හදේ රිද්මයමයි - මගෙ ගීතයෙ තනුව උනේ


          

පාලු පැලේ පැල් රකිද්දි
නිදිමත දියකර හරින්න
සීපදයක් වෙලා ඇවිත් ‍
කාන්සියට ළඟින් ඉන්න...

මද්දහනේ ගල් කඩලා
කරගැට මතුවුන දෑතින්‍
නෙලන රුවට ජීවය වී
වරෙන් ළ‍ඳේ සිත නිවන්න...

වඩු මඩුවේ වෙහෙස දරා
ලීයෙන් විසිතුරු මවන්න
නුඹයි සොඳුර ළඟ හිටියේ
සිත් මල කැටයම් කරන්න‍...

යසට රුවට බෙර හදලා
මගෙ දුක් ගිනි ඉන් වැයෙද්දි
නැතේ සිතේ සංකාවක්
ඒ පදයට නුඹ නටද්දි...

වැලි අදිනා ගොඩ දමනා
වත ගං දියටම පෙ‍ඟෙනා
වස්දඬු රාවය නුඹෙනා
හද උණූසුම් සුව සැදෙනා...

දහවල සිටු මැදුරු තනන
රැය කටු මැටි පැලේ නිදන
තෙලිතුඩ ඇඳි සිතුවම නුඔ
මගෙ  සිත සිත්තමක් කරන...

දහස් ගණන් දිවි රැකලයි
වෙද මැදුරේ මහළු උනේ
නුඹේ හදේ රිද්මයමයි
මගෙ ගීතයෙ තනුව උනේ....

(නි) සසල....

  සසල සිත නිසල කළ අකීකරු පින්සලක්   කාලෙකින් නොදුරු රුව මතු කරපු අපූරුව නිසල සිත කර සසල....