කවදාවත්
ඉස්කෝලෙට
නුඹට යන්න බැරි
වුනාට
මහ මෙරකට බර
උසුලා
අපෙ ඇස් පෑදූ
අම්මේ...
පදික බිමේ
පෙට්ටි කඩෙන්
රන් කහවනු
නොසෙව්වාට
කුස ගින්දර
කවදාවත්
අපට දැනුනෙ නෑ
අම්මේ....
හිස ගිනි ගෙන
දැවෙන තැනදි
හිතට සිසිල
දුන් අම්මේ
ඔබ අසලින් ඉන්න
විටදි
ලොවට මා ළඟයි
අම්මේ....
ඇසට කඳුල නැගෙන
තැනදි
චීත්ත පොට පෑ
අම්මේ
නුඹ නැතිදා වෙන
කවුරුත්
එහෙම කරන්නෑ
අම්මේ....
