Sep 30, 2010

පාරමී දම් පුරා......

පාරමී දම් පුරා සපැමිණ
එකට හමුවී යන්න යන සඳ....
කියාගන්නට බැරිව ලතැවෙන
හැඟුම් මිහිදන් නොවේ කිසිදින...

ලේ නහර ඇට මිදුලු විනිවිද
රිදුම් දෙන හැඟුමක්ද ප්‍රේමය
දුර‍ට වි ඇසිපිය නොලා
බලා ඉන්නට අවසරයි
සංසාරයේ පතා ආවෙත් එලෙසමයි....

ස්වයංජාතව හිතේ මතුවන
පහන් සිතුවිල්ලක් ද ප්‍රේමය
දෙපදකට සීමා නොවී
ලයෙන් ලය සැනසිය යුතුයි
ප්‍රේමයෙන් විශ්වයම සුවපත් කළ හැකියි.....

නොතින් සසර දුක ජයගන්නට පේවී
දහම් සරණ හැර සරණක් නැත දේවී...


'ස්වයංජාත' ‍ටෙලිනාට්‍යයේ තේමා ගීතය
ගායනය: සුනිල් එදිරිසිංහ මහතා සමග නන්දා මාලනී මහත්මිය

May 7, 2010

විශ්වයම ඔබයි අම්මේ...



මැයි 09 ලෝක මව්වරුන්ගේ දිනය

අම්මා. මමී, මදර්, මා ජී, මොන භාෂාවකින් කිවුවත් මේ ලෝකෙ තියෙන ලස්සනම වචනය අම්මා. දරුවකු‍ට තමන්ගේ අම්මා ගැන හිතෙන දැනෙන දේ කියන්න ඒ මොන භාෂාවකින්වත් පුළුවන්කමක් නෑ.අම්මා වෙනුවෙන් එක් දිනයක් නම් කෙරුවත් ගෙවෙන හැම තත්පරයම, විනාඩියම,පැයම, දවස් තුන්සිය හැටපහම අම්මේ ඔබේමයි. ඉතිං මේ මව්ව‍රුන්ගේ දිනයේදී මගේ අම්මා වගේම ලොව සියළු මව්වරුන්ට මේ පුංචි තිළිණය උපහාරයක් වේවා..

දුක් විඳින්නී
දුක් දරන්නී
මහමෙරකටත් වඩා...
හද සැලෙන්නී
කඳුලැලි සලන්නී
මහ සයුරටත් වඩා...
දැඩි සිතැත්ති
උණුවන ලයැත්තී
වෙඩරු පිඩකටත් වඩා...
දැඩි වන්නී
රළු වන්නි
මහ මේඝයට වඩා...
සනසවන්නී
සෞම්‍ය වන්නී
සඳ එළියටත් වඩා...
ජීවය දෙවන්නී
ජීවිත තනන්නී
මිහිතලයටත් වඩා...
සෙසෙනහස පතන්නී
සෙනෙහස බෙදන්නී
මේ මුළු ලොවට වඩා...
වෙන කිසිවකුත් නැතී
මට මුළු විශ්වයේ
අම්මේ ඔබට වඩා...

Apr 22, 2010

හිස් අහසක තනිවු විහ‍ඟෙකි

සඳ සඳවති
මම තරුවකි
ලං විය හැකි
දිනයක් නැති

නෙතු යුග පිපි
නිල් මල් පෙති
දැක සිත බැඳි
හදවත බිඳි

හිස් අහසකි
සියොතුන් නැති
නෙත් හමුවකි
කඳුලක් රැඳි


උපුටා ගැනීම සරසවි සිහින

Jan 12, 2010

මිරිවැඩි සඟල

බුදුරුව අසල සිටි
මට නොහැකි විය
දොරකඩ අසල සිටි
ඔබ රහත්විය...

පුවත් පතක පළවූ නිර්මාණයකි

(නි) සසල....

  සසල සිත නිසල කළ අකීකරු පින්සලක්   කාලෙකින් නොදුරු රුව මතු කරපු අපූරුව නිසල සිත කර සසල....