දිනපතා බසයට
ගොඩවෙනා පොඩි
එකෙක්
එකොලොස් වියැති
පෙනුමකි
නමින් ශිව
ශංකර්
කළුම කලු මුදු
කෙහෙරැලි
සිහිගන්වයි
"මුරු"
පාසල් පෙල
පොතේ.......
පාසල් යන
වෙලාවේ
කොහේ යනවද
මන්දා
බොහෝ දිනවල
දකින
ඒ කටකාර
කොලු....
උසුලු විසුලු
කරමින් වැඩිහිටියන්ට....
අනක් ගුණක්
නොදත්තෙකි
ඇසෙයි බොහෝ දෙන
මුවින්...
දිනක ගොඩවුනා බසයට
වයසක ගැහැණියක්
කොලුවාද සමගින්
දෙස් තබමින් මහ
හයියෙන්.......
කොලුවාද
නිසොල්මනේ සිටියා
ඈ
අසලින්ම.......
අසළ උන් කතක්
අමතා මහලු කත
ඉතිං කොහොමද? නැන්දේ
මූ දැන්
ඉලංදාරියෙක්නේ
නැන්දට මේ පිනම
ඇති
වෙන මොකුත්
නැතුවාට......
කහට බැදි දත්
දෙපල විරිත්තා
අනුමත කළා සේ
හිනැහුනා
මහලු
ගැහැණිය.....
ඒක නේන්නම්
කෙල්ලේ
මුගේ අම්මා
අප්පා
කවුද කියලාවත්
දන්නෑ නෙව
මූව මං
ගෙනියද්දි
බස්ටෑන්ඩ් එක
ගාව
අඬ අඬා හිටියේ
මූ....
දැන් ඉතිං මොන
සැපද?
කන්නද බොන්නද?
මං නිසා හොඳයි
මූට...
මහලු ගැහැණිය
කියවයි
බසය පුරා නෙත්
හෙලයි
කොලුවා
ඇඹරෙමින්
සිනාසෙයි
හඬන්නට අවැසි
තැන......
ඉතිං ශිව ශංකර්
නුඹේ ලෝකය හෙට???
ඉතින් ශිව ශංකර්
ReplyDeleteනුඹේ ලෝකය හෙට??? පැහැදිලිවම ප්රශ්නාර්තයක් අපට නංවයි!
හොඳ නිර්මාණයක් බොහොම කාලෙකට පස්සේ...