Sep 12, 2011

මේ තරම් සියුමැලිද කළුගල්...

මේ තරම් සියුමැලිද කළුගල්
සිතන්නටවත් බැරි නිසා
මම ගියා අවුකන බුදුන්ටත්
දැස් දුන් මිනිසා සොයා...

කලාවැව ළඟ
ඉලුක් හෙවනක
මැටි පිලක පැදුරක් එලා
රිදුම් පිරිමදිමින් බලයි ඔහු
මැරෙන ඉපදෙන රළ දිහා....

ඉසුරුමුණියේ නුඹ තැනූ
පෙම්බරිය කොහිදැයි කියා
මා ඇසූ විට හිනැහුනා ඔහු
තවම තනිකඩ යැයි කියා....

ගායනය සුනිල් එදිරිසිංහ මහතා..

No comments:

Post a Comment

(නි) සසල....

  සසල සිත නිසල කළ අකීකරු පින්සලක්   කාලෙකින් නොදුරු රුව මතු කරපු අපූරුව නිසල සිත කර සසල....