Nov 28, 2015

පිංගුත්තරෙකුට කුමටද උදුම්බරාවියක්...





ඈත අහසේ රුවට රුවේ නුඹ දිදුලන සඳ
හැමට වඩා විශේෂයක් නුඹෙන් දුටුව සඳ
පුර හඳ මට අත වනත්දි නුඹෙට බැඳුනි හද
පහන් තරුව හිරුට වඩා නුඹ එළියයි මට

නුඹේ හදට දැනුනෙ නැත්ද මගේ සෙනෙහෙ බිඳක්
සිත වෙනතක ගිහිං වත්ද කියන් නොවී සැකක්
කුණ්ඩල කේෂියක් නොවෙමි කොතෙක් ආලෙ ඇතත්
පිංගුත්තරෙකුට කුමටද උදුම්බරාවියක්

නුඹට හිතැති ආලවන්ත හිතක් ලැබෙන්නයි
ඒ හිත ළඟ නුඹේ සිහින ලොව ඉදිවෙන්නයි
පැල්පත වුව නුඹ ඉන්නා ඉසුරු පිරෙන්නයි
ඉර හඳ තරු නුඹේ ලොවම එළිය කරන්නයි

No comments:

Post a Comment

(නි) සසල....

  සසල සිත නිසල කළ අකීකරු පින්සලක්   කාලෙකින් නොදුරු රුව මතු කරපු අපූරුව නිසල සිත කර සසල....