Nov 28, 2015

නුඹේ හදේ රිද්මයමයි - මගෙ ගීතයෙ තනුව උනේ


          

පාලු පැලේ පැල් රකිද්දි
නිදිමත දියකර හරින්න
සීපදයක් වෙලා ඇවිත් ‍
කාන්සියට ළඟින් ඉන්න...

මද්දහනේ ගල් කඩලා
කරගැට මතුවුන දෑතින්‍
නෙලන රුවට ජීවය වී
වරෙන් ළ‍ඳේ සිත නිවන්න...

වඩු මඩුවේ වෙහෙස දරා
ලීයෙන් විසිතුරු මවන්න
නුඹයි සොඳුර ළඟ හිටියේ
සිත් මල කැටයම් කරන්න‍...

යසට රුවට බෙර හදලා
මගෙ දුක් ගිනි ඉන් වැයෙද්දි
නැතේ සිතේ සංකාවක්
ඒ පදයට නුඹ නටද්දි...

වැලි අදිනා ගොඩ දමනා
වත ගං දියටම පෙ‍ඟෙනා
වස්දඬු රාවය නුඹෙනා
හද උණූසුම් සුව සැදෙනා...

දහවල සිටු මැදුරු තනන
රැය කටු මැටි පැලේ නිදන
තෙලිතුඩ ඇඳි සිතුවම නුඔ
මගෙ  සිත සිත්තමක් කරන...

දහස් ගණන් දිවි රැකලයි
වෙද මැදුරේ මහළු උනේ
නුඹේ හදේ රිද්මයමයි
මගෙ ගීතයෙ තනුව උනේ....

No comments:

Post a Comment

(නි) සසල....

  සසල සිත නිසල කළ අකීකරු පින්සලක්   කාලෙකින් නොදුරු රුව මතු කරපු අපූරුව නිසල සිත කර සසල....